සැළසුම් අංශයෙන් ජනතාවට කඩිනම් සේවා |
ඇඹිලිපිටිය නගර සභාවේ කර්මාන්ත අංශය විවිධ බලපත්‍ර , අනුමැති සහතික හා බලපත්‍ර ඉතා කඩිනමින් ජනතාව වෙත ලබාදිමට දීමට කටයුතු කරයි.
අප වෙතින් ලබා දෙන පහත සදහන් සේවාවන් ලබා ගැනීමට ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛණඃ
01.වීථිරේඛා සහතිකය
- නිවැරදිව සම්පූර්ණ කරන ලද වීථිරේඛා සහතික අයදුම්පත
- බිම් කට්ටි සැලැස්මේ පිටපත් 02
- ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)
02.අනුබෙදුම් බලපත්‍රයක් ලබා ගැනීම
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුබෙදුම් සහතික අයදුම්පත
- අනුමත කිරීමට ඉල්ලුම් කරන බිම් කට්ටියේ මුල් සැලසුම හා එහි පිටපත් 02
- හිමිකම් ඔප්පු පිටපත් 01
- ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)
03.ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි අයදුම්පත
- අනුමත බිම් කට්ටි සැලැස්මේ පිටපත් 03
- ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03
- ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)
04.අනුකූලතා සහතික නිකුත් කිරීම
- නිවැරදිව සම්පූර්ණ කරන ලද වීථිරේඛා සහතික අයදුම්පත
- බිම් කට්ටි සැලැස්මේ පිටපත් 03
- ආදායම් අංශයේ නිර්දේශය (අදාල දේපළට පවත්නා වර්ෂය සඳහා සම්පූර්ණයෙන් වරිපනම් බදු ගෙවා අවසන් විය යුතුය.)
05.අනතුරුදායක ගස් ඉවත් කිරීම
- නිසිලෙස සම්පූර්ණ කරන ලද අනතුරුදායක ගස් ඉවත් කිරීමේ අයදුම්පත
- ඉහත අයදුම්පතට අදාලව සත්‍යතාවය පැහැදිලි කිරීමේ ග්‍රාමසේවා සහතිකය
|