![]() |
ඇඹිලිපිටිය |
![]() |
||||||||||||||||||||||||||||
|
![]() ![]() |
කාලීන පුවත් |
||||||||||||||||||||||||||||
ඇඹිලිපිටිය නගරසභාව ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය.1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව 1987 මැයි මස 12 වන දින අංක 453/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට අයත් නියමයන් සහ කොන්දේසි 2006 අප්‍රේල් මස 15 වන දින සිට (255 ක් වන අධිකාරියක් වූ) නගර සභා ආඥා පනතේ 2, 5 සහ 9 වගන්ති වලින් ආවරණය වන පරිදි එවකට ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ගරු ඇලික් අළු විහාරේ මැතිතුමා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ස්ථාපනය කරන ලදි. ප්‍රථම පළාත් පාලන මැතිවරණයේදී 2006 අප්‍රේල් මස 15 වන දින පවත්වන ලදී. එම නගරසභාවේ ප්‍රථම සභාපතිවරිය වශයෙන් පත්මිණී වීරසිංහ මැතිණිය කටයුතු කරන ලදී.මෙම නගරසභාවේ අද වන විට නගරාධිපතිවරුන් තුන්දෙනෙකු පාලනය කර ඇති අතර වර්තමානය වන විට සභාවේ බල තල ක්‍රියාත්මක කරනු ලබන්නේ වත්මන් නගරසභාවේ ලේකම් අනුලා වඩුගේ මහත්මියයි. නගරසභා භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 50.9කි.මෙම බලප්‍රෙද්ශයකොට්ඨාශ නවයකට බෙදා බෙදා පාලනය සිදු කරනු ලබයි. වෙන් කර ඇත. නිත්‍ය පදිංචි ජනගහනය 41693 ඉක්මවයි.වත්මන වින වට මෙහි ස්ථිර අනුමත කාර්ය මණ්ඩලය 84 වන අතර ආදේශකකාර්ය මණ්ඩලය 6 කි.
ඇඹිලිපිටිය නගරය ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩා නගරයකි. ඇඹිලිපිටිය නගරය කොළඹ සිට කිලෝමීටර් 178ක් පමණ ඈතින් පිහිටා ඇති අතර, හම්බන්තොට සිට ඇති දුර කිලෝමීටර් 40ක් වේ.ඇඹිලිපිටිය නගරය හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ සමඟ කේන්ද්‍ර නගරයක් බවට පත්වන්නේය. මෙම ප්‍රදේශයේ ශ්‍රම බලකායෙන් 55% ක් පමණ කෘෂිකාර්මාන්තයේ සහ ප්‍රාථමික අංශයේ කර්මාන්තවල සේවා නියුක්තව සිටී. ඇඹිලිපිටිය අවට ප්‍රදේශය කෘෂිකාර්මික බිම් වලින් සමන්විතය.ඇඹිලිපිටිය නගරයේ වැදගත් ඵෙතිහාසික ස්ථාන අතර සංඛපාල විහාරස්ථානය,ඉපැරණි කාවන්තිත්ත විහාරස්ථානය, උඩවලව ජලාශය, චන්ද්‍රකා වැව යනාදිය දැක්විය හැක.පොදු විනෝදාත්මක සංචාරක වැදගත් ස්ථානයක් වශයෙන් උඩවලව ඇත් අතුරුසෙවන හදුන්වාදිය හැක.
නගරසභා ආඥා පනත සහ වෙනත් ලිඛිත නීති රීති මගින් පැවරෙන බලතල ප්‍රකාරව ජාතික ප්‍රතිපත්තීන්ට එකඟව ඇඹිලිපිටිය නගරසභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුව සේවා, මංමාවත් නඩත්තුව, සේවා හා වෙනත් සුභ සාධක සේවාවන්ද විධිමත්ව හා කාර්යක්ෂමව අඛන්ඩව පවත්වාගෙන යාමත් ඒ සඳහා අවශ්‍ය කරන වියදම් පිරිමසාලීම උදෙසා සාධාරණ වූ බදු මුදලක් අයකර ගැනීමත් මෙන්ම පවිත්‍ර වූත් විචිත්‍ර වූත් පුරවරයක් උදෙසා සියලු ශක්තීන් අත්‍යන්තයෙන් මෙහෙයවාලීම මෙම නගර සභාව සතු ප්‍රමුඛතම මෙහෙවර වන්නේය.
|
ඇඹිලිපිටිය නගර සභාව නගරයේ මහජනතාව වෙනුවෙන් දැනටමත් ප්‍රශස්ථ සේවාවන් රැසක් සපයයි. වඩාත් හොද සේවාවක් නව තාක්ෂණය හා සම්බන්ධව ජනතාව වෙත ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.ඉතා සීඝ්‍රයෙන් දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යාමට තාක්ෂණික මෙවලම් භාවිතය කාලෝචිත පියවරක් වේ. ඒ අනුව අපගේ අරමුණ වන්නේ තොරතුරැ තාක්ෂණය සමග බද්දව ජනතාවට කාර්යක්ෂම සේවාවන් ලබා දීමයි.අපගේ අනර්ඝ සේවාවන් ලබා ගැනීමට අප සමග එක් වන ලෙසට ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමි.
|
|||||||||||||||||||||||||||||
දුරකථන: (+94) 047 -2230275 (+94) 047 -3627202 fax: (+94)047-2230275 විද්‍යුත් තැපෑල : ucemb@sltnet.lk ලිපිනය : නගර සභාව,ඇඹිලිපිටිය නිර්මාණය : සංවර්ධන නිලධාරි N.Y.වජිරමාලා නදීකුමාරි |