විශේෂ ව්‍යාපෘති
Untitled Document
ඇඹිලිපිටිය නගරය
 
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධාන නගරයක් ලෙස ඇඹිලිපිටිය නගරය දැක්විය හැකිය. එය රටේ කෘෂිකාර්මික ප්‍රදේශයක පවතින කේන්ද්‍රස්ථානයකි. ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන නගරයක් ලෙසද ඇඹිලිපිටිය දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ සිට රත්නපුර මාර්ගය ඔස්සේ කිලෝමීටර් 178 ක පමණ දුරින් ඇඹිලිපිටිය නගරය පිහිටා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ දකුණේ සීග්‍රයෙන් සංවර්ධනය වන හම්බන්තොට ප්‍රදේශයට ඉතාමත් ආසන්නයෙන් ද ඇඹිලිපිටිය පිහිටා ඇත. එම දුර ප්‍රමාණය කිලෝමීටර් 40 පමණ වේ.

ඇඹිලිපිටිය අවට ප්‍රදේශය කෘෂිකාර්මික බිම් වලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ කෙසෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම කළාපයද මෙම පෙදෙසය. එයට අමතරව වී, එළවළු, පළතුරු වර්ග නිෂ්පාදනය කරයි.

ඇඹිලිපිටියට අසන්නව ඒ අවට පවතින නැරඹීමට වැදගත් ස්ථාන ගණනාවකි. සංඛපාල විහාරය, මඩුවන්වෙල වලව්ව, උඩවලව ජලාශය, චන්ද්‍රකා වැව, උඩවලව ඇත් අතුරසෙවන (අලි අනාතාගාරය), මදුනාගල උණුවතුර ළිං යන ආදිය එයින් කිහිපයකි.

ප්‍රධාන සංචාරක හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික විදුලි බලාගාර, කඩදාසි සහ සීනි කාර්මන්ත ශාලා ද ඇඹිලිපිටිය නගරයට ආසන්න ප්‍රදේශවල පිහිටා තිබේ.
විශේෂ ව්‍යාපෘති
 
  නිවාස වලින් හා ව්‍යාපාරික ස්ථාන වලින් සහ කම්හල් වලින් ඉවත් කරනු ලබන කසල ගෙන ඒවා වෙන් වෙන් වශයෙන් වෙන්කර දිරාපත්වන ද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර සෑදීමටත් දිරාපත් නොවන දේ ප්‍රතිචක්‍රීයකරනය කිරීමටත් සමස්ථ ප්‍රයෝජනයට ගතහැකි අප ද්‍රව්‍ය මගින් ප්‍රදේශයේ ගොවිජනතාවගේ අභිවෘධිය ඇතිකිරීම මගින් අතිරේක ආදායම් ප්‍රභවයන් නිර්මාණය කිරීම මෙම විෂය පතයේ ප්‍රධාන අරමුණ වෙයි.

ඇඹිලිපිටිය නගර සභා සීමාව තුල පමණක් නොව අවට ප්‍රදේශ වලද ගොවිතැන් කටයුතු කරනු ලබන ගොවිජනතාව සදහා මෙමගින් සේවාවන් සැපයීමට අප සැලසුම් කර ඇත.

ඇඹිලිපිටිය නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන මෙම කොම්පෝස්ට් ව්‍යාපෘතිය සදහා දල වශයෙන් දිනකට කසල ටොන් 05.67 එකතුවනු ලබන අතර එම කසල නිරන්තරයෙන් කොම්පෝස්ට් අංගනයට ගෙනයනු ලබයි. මෙම ව්‍යාපෘතිය පිළිබදව ඔබට යම් තොරතුරක් හෝ සේවාවක් ලබාගැනීමට අවශ්‍ය නම් 047 2230275 දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනය මගින් පුධාන සෞඛ්‍ය පරීක්ෂක මහතා ඇමතීමෙන් ලබාගත හැක.